එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (07දා) උදෑසන යෙදුණු සුබ මොහොතින් සිය රාජකාරියෙහි නිල වශයෙන් කටයුතු ආරම්භ කර තිබේ.
පසුගියදා ඔහු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තනතුරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ අතර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය අනුමත කළේය.