එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්.එම්. හලීම් මහතාගේ මහනුවර මාවිල්මඩ පාරේ පිහිටි පක්ෂ කාර්යාලයට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි ප්රහාර 02 ක් එල්ල කර ඇති බව කටුවත්ත පොලීසිය පවසයි.
ඊයේ (24දා) රාත්රියේ මෙම වෙඩි ප්රහාර 02 එල්ල කර ඇති අතර, එක් වෙඩිල්ලක් කාර්යාලයේ බිත්තියටද, අනිත් වෙඩිල්ල හලීම් මහතාගේ කාර්යාලයේ එක් වීදුරුවකටද වැදී ඇති බව පොලීසිය පවසයි. කටුගස්තොට පොලීසිය මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකරයි.