යළිත් එක්සත් ජාතික පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බව පෙනෙන්නට තිබෙන බවත්, මේ සියලුම විගඩම්වලින් සිදුවන්නේ තවත් කාලයක් වර්තමාන ආණ්ඩුවේ පැවැත්මට ආයුෂ ලබාදීම බව එක්සත් භික්ෂු පෙරමුණ සඳහන් කරයි.එක්සත් භික්ෂු පෙරමුණේ අනුශාසක පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනායක හිමිපාණන් ඇතුළු භික්ෂූන් වහන්සේලා අට නමකගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මෙම ලිපියේ පිටපත් එ.ජා.ප ජාතික නායක රනිල් වික්‍රමසිංහ, නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ට, එක්සත් ජාතික පක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් වෙත යැවූ බවද මාධ්‍ය වෙත නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.