මහ බැංකු බැඳුම්කර පිළිබඳ පරීක්ෂා කෙරෙන ජනාධිපති කොමිසම පත් කිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන ආණ්ඩුවේ පිරිස කවුරුන්දැයි අනාවරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කරතිබේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඊෙය් (09දා) දහවල් රැස්වීමෙන් පසුඑම මන්ත්‍රීවරුන් විසින් මෙම තීරණය ගෙන ඇත.
බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති මාදුළුවාවේ සෝභිත නාමියන්ගේ දෙවර්ෂපූර්ණ ගුණ සමරුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙලෙස ඔහු හමුවීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් මීට සති දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදි එවැනි කරුණක් හෙළි නොකළ බව කී චමින්ද විජේසිරි මහතා අපේගම පරිශ්‍රයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කරගැනීම අත්‍යවශ්‍යයැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය බවද කීවේය.
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කොමිසමක් පත් කිරීම ගැන දොස් කිව්වේ කවුරුන්ද?ඒ කවදාද?කවර ස්ථානයකදීද යන්න හෙළිකරගැනීම අත්‍යවශ්‍ය බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා හමුවීමට දිනයක් හා වේලාවක් ඉල්ලා සිටීමේ ලිපිය මේ සතියේදිම යොමු කරන බවද චමින්ද විජේසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.