එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ රාජකාරි සඳහා විශේෂ කාර්ය බළකාය යොමු කිරීමට රජය තීරණය කර තිබේ.
එම කණ්ඩායම් සඳහා අවශ්‍ය වාහන සහ උපකරණ සපයා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදෙනු ලැබ තිබේ.
ඒ යටතේ යෝජිත වැඩසටහන සඳහා යෙදවීමට අවශ්‍ය සංග්‍රාමික වාහන 06ක් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ තිබේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක් සංග්‍රාමික වාහනයක් රුපියල් මිලියන 68.93 බැගින් සංග්‍රාමික වාහන 06ක්, රුපියල් මිලියන 413.59 බදු සහිත මිලට M/s Securatec Lanka (Pvt) Ltd. සමාගම වෙතින් මිලදී ගැනීමට නියමිතය.