මෙරට ආරක්ෂක අංශ වෙත ඉදිරියේදී සාම සාධක මෙහෙයුම් සඳහා වැඩි ඉඩ ප්‍රස්තා ලැබෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය කියයි. එි අනුව ඉදිරියේදී ශ්රීත්රිවිධ හමුදාව නියෝජනය කරමින් විශේෂ බලඇණියක් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගිවීමට නියමිත බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය සඳහන් වෙයි.
මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලන්ඩනයට ගොස් සිටියි.
සමුළුව ලන්ඩන් නුවරදී ඊයේ (07දා) බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය. ඒ සඳහා රටවල් 80 ක නියෝජිතයන් සහභාගි වී සිටිති.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලදී ඒ සඳහා දායකත්වය ලබාදෙන රටවල ආරක්ෂක අංශ මුහුණදෙන ගැටලු පිළිබඳ මෙම සමුළුවේදී විශේෂ අවධානයට බඳුන්වන අතර, සාම සාධක මෙහෙයුම් වඩාත් සාර්ථක කරලීම සඳහා අවශ්‍ය උපායමාර්ගික සැලසුම් පිළිබඳවද සාකච්ඡා කෙරේ.