එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සමුළුව අද (03දා) ආරම්භ වීමට නියමිතය. මෙවර සමුළුවේදී මානව හිමිකම් පිළිබඳව වාර්තා 100 ක් ඉදිරිපත් කිරීමට නියමත බව ජීනීවා වාර්තා පෙන්වා දෙයි.
හෙට (03දා) ආරම්භ වන සමුළුව 28 වැනිදා දක්වා පවත්වන අතර, ඇමෙරිකාව හා එංගලන්තය එක්ව ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මෙම සමුළුවේදී සම්මත කර ගැනීමටද නියමිතය. මෙවර සමුළුව ඇමතීම සඳහා අමාත්‍යවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් 100 ක් සූදානමින් සිටිති.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකිමූන් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට නියමිත වර්තාව 26 වැනිදා සමුළුව හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.