උතුරේ අන්තවාදය වපුරන පිරිස් සහ දකුනේ අන්තවාදය පතුරවන එකාබද්ද විපක්ෂය අතර රහසිගත එකඟ තාවයක් ඇත්දැයි සැක මතුවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රුපියල් මිලියන 450ක් වියදමින් රණවිරු දරුවන් 550ක් වෙනුවෙන් ඉදිවන කොළඔ මැලේ විදියේ පිහිටිආරක්ෂක සේවා විද්‍යාලීය සිවු මහල් ශිෂ්‍ය නේවාසිකාගාරයේ ඉදිකිරීමේ ප්‍රගතිය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව මාධ්‍ය ඇමතු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන්කලේ වත්මන් රජය සංවර්ධනය සහ සහජීවනය ඇතිකිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයන්ට උතුරේ ඇතැම් දේශපාලඥයන් සහ එකාබද්ධ විපක්ෂයේ මංත්‍රීවරුන් බාධා කරමින් සිටින බවය.
කුමන බාධා පැමිනියද වත්මන් රජයේ ජනතා හිතවාදි සංර්ධන වැඩපිලිවෙල ඉදිරියට ගෙනයන බව පැවසු ආරක්ෂක රජ්‍ය අමාත්‍ය වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. දැන් රටතුල සාමයක් ඇති වි තිබෙනවා අපි රජයක් විදිහට උත්සාහ කරන්නේ ජාතීන් එකමුතු කරගෙන සංවර්ධනය සහ සහජීවයට ඇතිකරන්න. උතුරු පලාත්සභාවේ කීහිපදෙනෙක් වගේම උතුරු ප්‍රදේශය නියොජනයකමින් පාර්ලිමේතුවට තේරිපත්වී සිටින මංත්‍රීවරු පිරිසක් රජයට සහ ත්‍රිවිධ හමුදාවන්ට අභුත චෝදනා කරමින් සිටිනවා. ඔවුන් වරින් වර නොයෙක් දේ කියනවා. දැන් කියනවා පුණුරුත්තාපනය කරපු රුඳවියන්ට අපි බලහත්කාරයෙන් විෂ එන්නත් කරලා, ඔවුන්ට පිළිකාවලට ගොදුරුකරා කියලා. අළුත් අළුත් කතා නිර්මාණයක කරලා ඒ පිරිස් උත්සාහ කරනවා අන්තවාදය සහ ත්‍රස්ථවාදය ඇති කිරීමට යලි උත්සාහ කරනවා. ඇත්තටම සිදු උනේ මොකද්ද කියලා ඕන කෙනෙකුට සොයා බලන්න පුළුවන්. ජාත්‍යාන්තර වශයෙන් අපේ අමුදාවන් සිදු කරපු පුණරුත්තාපන වැඩපිළිවෙල ඇගයිමට ලක්වුනා. ඇත්තටම මේ උතුරේ දේශපාලනය කරන පුද්ගයින් කරන්නෙ ජාත්‍යාන්තර වශයෙන් තමන්ගේ පටුදේශපාලනය වෙනුවෙන් අරමුදල් රැස්කරගන්න එක. අපිට මතකයි අන්තවාදි අදහස් දරපු අයට උතුරේ ජනතාව දුන්නු තීන්දු. දැන්මේ බොරු කියකිය දඟලන අයටත් ඉදිරි මැතිවරන වලදි සාමය අගයකරන ජනතාව හරිතීන්දුව දෙයි. දකුණෙත් මේ වගේ පිරිසක් ඉන්නවා. එකාබද්ධ විපක්ෂයේ පිරිස් කියනවා අපි රට පාව දෙනවා රණවිරුවන් බිල්ලට දෙනවා කියල. නිතරම කියනවා. අපි බලයට පත්වුන දවසෙ සිට ත්‍රිවිධ හමුදාවේ අභිමානය අනාගතය ගැන හිතලා තිරණ තීන්දු ගත්තේ.
අපි ඔවුන් පසුගිය රජය යොදාගත්තා වගේ වැලිකොට්ට කරගහන්න, පාරවල් අතුගාන්න , කාණු සුද්ද කරන්න යොදාගෙන නෑ. අභිමානය නැතිකරපු අය අද බොරුවට කෑ ගහණවා. අපි රට නිදහස් කරගත්ත රණවිරුවන්ට නිසි ගෞරය සහ පිළිගැනීම අනාගත සුබ සිද්ධිය ඇති කරමින් සිටිනවා. අපි රණවිරුවන් පාවා දී නැහැ අද ජාත්‍යාන්තර වශයෙන් පුහුණු ඉඩප්රස්ථා වැඩිවී තිබෙනවා. එහෙම වැඩපිළිවෙලක් දියත් කරද්දි රජයට බාධා කරන මේ උතුරේ සිටින ඇතැමි මහජන නියෝජිතයන් සහ දකුණේත් එකාබද්ධ විපක්ෂය කියන පිරිස කියන කතා ඇහුවාම මේ දෙගොල්ල අතර යමි ගිවිසුමක් තියනවාද කියලා අපට සැක හිතෙනවා යැයි පැවසීය.