එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු.ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් එළඹෙන 08 වැනිදා වියට්නාමයේ නින්හ් බින්හ් ( Ninh Binh) ප්‍රාන්තයේදී ආරම්භ වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
දින හතරක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේදී බුදු දහමේ උන්නතියට එක්සත් ජාතීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබද සැසිවාර කිහිපයක් පැවැත්වීමට නියමිත බවද එම කාර්යාලය පවසයි.
එක්සත් ජාතීන්ගේ 11 වන වෙසක් දින සැමරුම මෙය වන අතර වියට්නාමයේදී එය පවත්වන්නේ දෙවන වරටය. වර්ෂ 1998දී මෙරට පැවැත්වූ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් වර්ෂ 1999 සිට වෙසක් දින සැමරුම් උළෙලක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය තීරණය කර තිබේ.