එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය දිනක ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසි වැනි සංශෝධනය හෙවත් සියලු පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අදාළව ගෙන එනු ලැබූ නීතිය පිළිබඳව එක්සත් ජාතික පෙරමුණ මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අද(15) පස්වරුවේ අගමැති රනිල් වික්රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහිදී පැමිණි එකඟතාවකට අනුව මෙම තීරණයට එළඹ ඇත.