පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මස 31වැනිදාට පෙර පැවැත්විය යුතු බවත්, ජනාධිපතිවරයාප්රමුඛ කැබිනට් මණ්ඩලය අදාළ දින නියම කිරීමෙන් පසු මැතිවරණය පැවැත්වීමට දෙපාර්ත්මේන්තුව සූදානම් බවත් මැතිවරණ කොමසාරිස්මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (13දා) පැවසීය.
මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60 ක් පිරිම නිමිත්තෙන් බදුල්ල මැතිවරණ කාර්යාලය සංවිධානය කළ කප්රුක් පූජාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූප්රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම වෙනුවෙන් අවශ්‍ය අණපනත් මේ දක්වා සම්මත වී නැති බවයි.
එතෙක් එකම මෙවලම පැන්සල් කොටය යැයිද පවසමින් මැතිවරණ කොමසාරිස්වරයා සිනාසුණේය.