බදුල්ල, මොරගොල්ල කන්ද නායයාමෙන් මරණයට පත් වූ හත්දෙනෙකුගේ අවසන් කටයුතු අද (29දා) සවස බදුල්ල පොදු සුසාන භූමියේදි සිදුකෙරිණි. මෙහිදී එකම පවුලක පස් දෙනෙකු හා තවත් පවුලක දෙදෙනෙකුගේ අවසන් කටයුතු සිදුවිය.
එකම පවුලේ පිය පුතු දෙදෙනා වන ජේ.ජේ.එම්. විකුම් ජනානන්දගේ (51) සහ ජේ.ජේ.එම්. නවීන් ශෂිමාල් (19) යන අයගේ දේහයන් එක් වළක මිහිදන් කෙරිණි.
අනෙක් පවුලේ පස්දෙනා වන ආර්.එම්. සිරියාවතී (60), ආර්.එම්. සන්ධ්‍යා කුමාරි (36), සිරිපාල විජේතුංග (48), ශානිකා දිල්හානි විජේතුංග (17), අමිත් මධුෂංක (15) යන අයගේ සිරුරුද ඒ ආසන්නයේම එකම වළක මිහිදන් කෙරිණි. මෙම පවුලේ අවුරුදු හතරහමාරක් වයසැති බාලයා වන ප්‍රභාත් අනුරාධ මේ දක්වා සොයාගෙන නැත.
සොහොන් බිමට වැඩම කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එම ස්ථානයේදීම මියගිය සියලු දෙනා වෙනුවෙන් බෞද්ධ වතාවත් සිදුකළහ.