ප්රධාන මාර්ගයේ ඉහළට ගමන් කරමින් තිබූ දුම්රියකට අවස්ථා දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ගැටී ඇතැයි වාර්තා වෙයි. මෙහිදී දෙමටගොඩදී එක් පුද්ගලයෙකු දුම්රියට පැන ඇති අතර ඔහුගේ මළ සිරුර රැගෙන ගමන් කරමින් සිටින විට තවත් පුද්ගලයෙකු රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පැන තිබේ. මේ වන විට එම දුම්රිය ධාවනය කළ නොහැකි බව පවසමින් රියදුරා ධාවනයෙන් ඉවත්ව සිටින බව වාර්තා වෙයි.