ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ධුරයට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර සටනක් ආරම්භ වී ඇත.
විපක්ෂ නායක ධුරයට සමන්ත විද්‍යාරත්න මහතා පත් කරනලෙස ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා ඇත්තේ ආර්. එම් ජයසිංහ බණ්ඩාර මහතා එම ධුරයට පත්කරන ලෙසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යුතු ලිපියක් ඉකුත් (14දා) සභාගත කරමින් ඌව පළාත් සභාවේ සභාපති ආර්.එම් බුද්ධදාස මහතා ප්‍රකාශකළේ විපක්ෂ නායක ධුරයට ඌව පළාත් සභාමන්ත්රී සමන්ත විද්‍යාරත්න මහතා පත්කරන ලෙසට එම පක්ෂය ඉල්ලීමක් කර ඇති බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පෙරේදා(15 දා) පළාත් සභාවේ සභාලේකම්වරයාට යොමුකළලිපියද ඌව පළාත්සභාවේ සභාපති ඒ.එම් බුද්ධදාස මහතා ඊයේ 16 දා සභා ගත කළේය.
මෙ ම ලිපිය සභාගත වීමත් සමගම සභාව තරමක් උණුසුම් වූ අතර විපක්ෂ නායකකම ජයසිංහ බණ්ඩාර මහතා පත්කරන ලෙස ඉල්ලා එක්සත් ජතික පක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂාකළහ .
විපක්ෂ නායකවරයාතෝරාගත යුත්තේ විපක්ෂයෙන් බැවින් විපක්ෂයේ දැනට සිටින මන්ත්‍රීවරු විසින් සාකච්ඡා කර මෙම ප්රශ්නය නිරාකරණය කර ගැනීම වඩාත් උචිත බවප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා මෙහිදී පෙන්වාදුන්නේය.
විපක්ෂ නායකවරයා පත්කිරිම තවදුරටත් කරුණු සොයා බලා ඉදිරි දිනක සිදුකරන බව සභාපති බුද්ධදාස මහතා මෙහිදීපැවැසීය .