ඌව පළාත් සභා මැතිවරණයට අදාලව සිදුවීම් 105 ක් පිළිබදව තොරතුරු වාර්තා වී තිබෙන බව කැෆේ සංවිධානය පවසයි. එයින් වැඩිම ප්රමාණයක් සුපුරුදු පරිදි දිස්ත්රික්කයෙක් බවත් එය සිදුවීම් 80 ක් බවත් ඔවුහු පවසති. බදුල්ල දිස්ත්රික්කයෙන් සිදුවීම් 19 ක් සහ වෙනත් සිදුවීම් 6 ක් වශයෙන් මෙම පැමිණිලි ලැබී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.
ගතවු දින දෙක තුළ මොණරාගල මැතිවරණ ප්රචණ්ඩත්වය සිඝ්ර ලෙස ඉහල ගිය බවත් මොණරාගල දිස්ත්රික්කයේ ගිනි අවි භාවිතයෙන් සිදු කරන ප්රචණ්ඩ ක්රියා ඉහළ ගොස් තිබෙන බවත් ඔවුන් සඳහන් කරයි. එසේම රාජ්ය දේපල අයථා පරිහරණය කිරීමේ සිදුවීම් රැසක් දිස්ත්රික්ක දෙකෙන්ම වාර්තා වන බවත් රැස්වීම් සදහා ශ්රීලංගම බස් රථ යොදා ගැනීම් ද සිදුවන බවත් කැෆේ සංවිධානය කියයි.