ඌවේ බස්රථ බෙදීම ඡන්ද නීති උල්ලංඝනයක් - හර්ෂ
මැතිවරණය පෙනි පෙනී ඌව පළාතේ ඩිපෝ වෙත බස් රථ බෙදාදීම රටේ ඡන්ද නීති උල්ලංඝනය කිරීමක් බවත්, මේ ආකාරයේ මහා මුලාවන්ට ඌවේ ජනතාව හසු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේය.
මන්ත්රීවරයා මෙසේ පවසා සිටියේ ඌව පළාතේ බදුල්ල හා මොණරාගල යන දිස්ත්රික්ක දෙකේ ඩිපෝ වෙත අලුතින් බස් රථ බෙදාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
"අද ඌව පළාතේ බදුල්ල හා මොණරාගල දිස්ත්රික්ක දෙකේ ඩිපෝවලට බස් රථ බෙදාදීමක් රජයේ ඉහළ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුව තිබෙනවා. ලැජ්ජා නැති විදියට මේ රටේ ඡන්ද නීතිය උල්ලංඝනය කරමින් මේ කරන වැඩේ, ජනතාවට මහා මුලාවක් කිරීමක් බව ඌව පළාතේ බුද්ධිමත් ජනතාව තේරුම් ගනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.
මෙච්චර කල් ඌව අමතක වෙලා තිබුණද, මේ විදියට හදිසියෙම බස් රථ බෙදන්න හිතුනෙ. අද මේ රටේ ප්රජාතන්ත්රවාදයක් නෑ, නීතියක් කියා දෙයක් නෑ කියන දේ මේ පාර ඡන්දෙන් හොඳටම පැහැදිලි වෙනවා. මොකද මෙවර ඡන්දයට ආණ්ඩුව හොඳටම බයවෙලා. පරදින බවට සෑහෙන විශ්වාසයක් තියෙන නිසා කරන්න පුළුවන් හැම දේම කරන්න බලනවා.
එක පැත්තකින් ගහනවා, වෙඩි තියනවා, කුඩු කරනවා. අනෙක් පැත්තෙන් විලිලැජ්ජාවක් නැතිව ඡන්ද නීති උල්ලංඝනය කරනවා. මේක කිසිම ආකාරයකින් ශිෂ්ඨසම්පන්න හෝ ප්රජාතන්ත්රවාදී වැඩපිළිවෙළක් නොවන බව ඌවේ බුද්ධිමත් ජනතාව තේරුම් ගනීවි" යනුවෙන් මන්ත්රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

