ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චාමර සම්පත් මහතා පත්කෙට තිබේ.
හිටපු මහ ඇමති හරින් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තුවට තේරි පත්විමෙන් පසුව ඔහු මහ ඇමතිතනතුරින් ඉවත්විය.
පසුගිය ඌව පළාත් සභා මැතිවරණය සන්ධානය ජයගත්තත් එවකට ඌව විපක්ෂනායක ධුරයේ සිටි හරීන් ප්රනාන්දු මහතා දිවුරුම් පෙත්සම් මාර්ගයෙන් එහි මහ ඇමතිතනතුරුට පත් වූ අතර ඒ අනුව පළාත් සභාවේ බලය එජාපයට හිමිවිය.