ඌව පළාත් සභා මැතිවරණය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ අනුව පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්යබළකා සාමාජිකයින් 12,000කට ආසන්න ප්‍රමාණයක් යොදවන බවත් පොලිස් මූලස්ථානය කියයි.
මේ යටතේ හෙට (17දා) සිට 11,000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ඌව පළාතේ රාජකාරී සඳහා යෙදවීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.ඒ හා සමගාමීව මොනරාගල සහ බදුල්ල දිස්ති‍්‍රක්කවල සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම පිටත ආරක්ෂක වළල්ල සඳහා විශේෂ කාර්ය බළකාය යොදවන බවද පොලීසිය කියයි. ඌව පළාත් සභා මැතිවරණයට විශේෂ කාර්ය බළකා නිලධාරීන් 1000 ක් යෙදවීමට නියමිතය.