ඩිෆෙන්ඩර් රථ පෙළකින් පැමිණි පිරිසක් කතරගම දෙටගමුව සියඹලාගුණේ ගම්වල අස්වාභාවික ලෙස එහාමෙහා ගමන් කරමින්, ඡන්දදායකයන් තැතිගැම්මකට ලක්කර ඇති බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
එමෙන්ම, ඡන්දදායකයන් පළවා හැරීමට මැර පිරිස් වැල්ලවාය ඇතිලිවැවදී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇති බවද මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.
තවද, බණ්ඩාරවෙලදී මොන්ටෙරෝ රියකින් පැමිණි සන්ධාන ආධාරකරුවන් පිරිසක් ඡන්ද දායකයන්ට පහරදී ඇති බවත්, එම සිද්ධියට මැතිහත් වූ පොලිසියටද ඔවුන් පහරදී ඇති බවත් එම නිරීක්ෂණ ජාලය වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, බදුල්ල වැලිමඩ පොලිස් බල ප්රදේශයේ වන්ගිය කුඹුර හා පිටවෙල වෙත ආයුද රැගෙන ආ පිරිස් විපක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයන්ට තර්ජනය කළ බවද ඔවුහු පවසති.