ඌව පළාත් වැඩබලන මහ ඇමති ලෙස ඌව පළාත් ක්‍රීඩා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂ කර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍ය සාලිය සුමේධ ද සිල්වා මහතා පත්කොට ඇත.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා 2017 ජනවාරි මස 17වන දින සිට 2017 පෙබරවාරි මස 02වන දින දක්වා විදෙස් ගතවන බැවින් මෙසේ වැඩ බලන මහ අමාත්‍යවරයෙකු පත්කර තිබේ.
සාලිය සුමේධ මහතා වැඩ බලන මහ ඇමති ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.