එම තීන්දුව ගන්නේ මැතිවරණ කොමසාරිස්වරයායි - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පිළිතුරු දෙයි
ඌව පළාත් සභා මැතිවරණය දින දෙකක් තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙහි සත්‍යතාව කුමක්දැයි රජයෙන් වැඩිදුරටත් විමසා සිටි ඔහු ප්‍රකාශ කළේ රජය සිය ආරක්ෂක සේවය යොදවා නිදහස් හා සාධාරණ මැතිවරණයක් එක් දිනක් තුළ පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශකර සිටියේ මේ පිළිබඳව තීන්දුවක් ගතහැක්කේ මැතිවරණ කොමසාරිස්වරයාට බවයි. එසේම ගුණවර්ධන මහතා කියා සිටියේ රජය මෙවර මැතිවරණය ඉහළින් ජයගන්නා බවයි.
විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද යන්න මැතිවරණයෙන් පසු දැකගත හැකිවනු ඇති බවයි. එහෙයින් නිදහස් මැතිවරණයක් පැවැත්වීමට ප්‍රථමව ක්‍රියාකළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.