ඌව මැතිවරණ ප්රචාරක කටයුතු අවසන්
ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ (17දා) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් විය.
ඒ අනුව, 17දා මැදියම් රැයේ සිට මැතිවරණයට අදාළ කිසිදු ප්රචාරක කටයුත්තක් ඍජු හෝ වක්‍රව සිදුකිරීම තහනම් බව පෙන්වාදෙන මැතිවරණ කොමසාරිස් කාර්යාලය එය මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බවද සඳහන් කරයි.
ඌව පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මස 20 වැනි දින පැවැත්වෙන අතර එම පළාත් සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම පසුගිය 04, 05 දිනයන්හි පැවැත්විණි.
මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ 12ක් ස්වාධීන කණ්ඩායම් 7ක්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 04ක් මෙවර නාම යෝජනා ලබාදී ඇත.
ඌව පළාතේ මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා පුද්ගලයින් 942,930 දෙනෙකු සුදුසුකම් සුපරා ඇත. මෙයින් 609,966 දෙනෙකු බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද 332,764ක මොනරාගල දිස්ත්‍රික්කයෙන්ද සුදුසුකම් ලබා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
