ඌව පළාතේ පාසල් ශිෂ්‍යයන්ට පාසල් බෑග් ලබාදීමේ වැඩසටහනක් ආරම්භකර ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 51 ට වැඩි මුදල් වංචාවක් සිදුකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද වීජේසිරි මහතා අද (07දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
ඌව පළාත් සභාව සම්බන්ධයෙන් සිදුකළ විගණන වාර්තාවක මේසම්බන්ධයෙන් පැහැදිලි වාර්තාවක් ලබා දී ඇති අතර, පාසල් බෑග් මිලදී ගත් ස්ථාන ලෙස සඳහන් කර ඇති ලිපින ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.