පස්සර ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයෙකු වන රුක්මන් ගාමිණි රාජපක්ෂ මහතාට තර්ජනය කර පහරදීමේ චෝදනා මත අධිකරණයෙන් සිතාසි ලැබූ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (01 දා) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විය.
එහිදී මේ පිළිබඳ නඩු විභාගය ලබන ජනවාරි 28 වන දිනට කල් තැබූ මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ මහත්මිය සැකකාර මහ ඇමතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස නියෝග කළාය. සැකකාර දසනායක මහතාට නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .