තමන් සමග විභාග ප්‍රශ්න පත්රයකට පිළිතුරු සපයා කාගේ අධ්‍යාපන මට්ටමද වැඩියැයි මැන බැලීමට පැමිණෙන ලෙස ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයාට අභියෝග කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති 5 ශිෂ්‍යත්ව සමත් බදුල්ල දිස්ත්‍රික්කයේ දරු දැරියන්ට ත්‍යාග සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවයකදීය.
"මගේ අධ්‍යාපන මට්ටම ගැන ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා කතා කරලා තිබුණා. මම අභියෝග කරනවා එතුමාටත් මටත් එකට ලියන්න විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් දෙන්න කියලා. එවිට බලමු අධ්‍යාපන මට්ටම හොඳ කාගෙද කියලා" යැයි පැවසීය.
ඇල්ල ප්‍රසාද් රුක්මල්