ඌව පළාත් සභා ඡන්ද විමසීම සැප්තැම්බර් මස 20 වැනි සෙනසුරාදා පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඌව පළාත් සභා මැතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම අද (06දා) දහවල් 12.00 ට අවසන් වූ අතර, ඒ අනුව බදුල්ල දිස්ත්රික්කය තුළ තරග කිරීම සඳහා දේශපාලන පක්ෂ 10කුත්, ස්වාධීන කණ්ඩායම් 04කුත් නාමයෝජනා භාර දී තිබේ.
මීට අමතරව මොණරාගල දිස්ත්රික්කය සඳහා දේශපාලන පක්ෂ 12කුත්, ස්වාධීන කණ්ඩායම් 07කුත් නාමයෝජනා භාර දී ඇත.