ගැටලුකාරි තත්වයක් පැන නැගි තිබු ඌව පළාත් සභාවේ රුපියල් අසූනම කෝටි විසිඑක්ලක්ෂ විසිහතර දවස් පන්සිය හැටක් වු පරිපූරක ඇස්තමේන්තුවක් උණුසුම් වාද විවාද මැද අද ඌව පළාත් සභා මාසික රැස්වීමේදී අනුමතවිය .
පෙබරවාරි මස 22 වැනිදා පැවැති ඌව පළාත් සභා රැස්වීමේදි මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ එය සම්මත කිරීම බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් ප්‍රතික්ෂේප කිරීම කළේය.
ජන්ද විමසිමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් සමග එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු ඊට පක්ෂව ජන්දය දී පරිපූරක ඇස්තමේන්තුව අනුමත කළහ .
මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සහ ඔහු සමග සිටින එක්සත් ජනාතා නිදහස් සන්ධානය යටතේ තේරීපත්වු මන්ත්‍රීවරු 6 දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ ජයවර්ධන මන්ත්‍රීවරයා ජන්දය දීමෙන් වැලකී සිටියේය .
ජවිපෙ සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා ජන්දය විමසන අවස්ථාවේ සභා ගැබෙන් ඉවතට ගොස් සිට ජන්ද විමසීමෙන් පසු යළි සභාවට ආවේය .