'වෙල', 'කුඹුර' හෝ 'දෙණිය' යන වචනවලින් අවසන් වන ඌන උපයෝජිත ඉඩම් නිවාස ඉදිකිරීම සඳහා යොදාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඉහත නම්වලින් අවසන් වන ඉඩම් සත්‍යවශයෙන්ම වගා කළ නොහැකි වුවද, එම ඉඩම් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගැනීමට නීතියෙන් අපහසු වී තිබේ.
ඒ හේතුවෙන් ඌන උපයෝජිත ඉඩම් සංවර්ධන කටයුතු සඳහා නිදහස් කිරීම පිණිස කඩිනම් ක්‍රම‘වේදයක් සකස් කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර නිලධාරී කමිටුවක් පත් කෙරිණි.
එම නිලධාරී කමිටුවේ නිර්දේශ පරිදි, එවැනි ඌන උපයෝජිත ඉඩම් නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගැනීමේදී ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් පත් කර, අදාළ ආයතනවල නිලධාරීන් සමග කඩිනමින් ක්ෂේත්රපරීක්ෂණ කිරීමෙන් අනතුරුව අනුමැතිය ලබාදීමට නියමිතය.