උසාවි තිබෙන්නේ ජනතාව වෙනුවෙන් බවත්, ගෙවී ගිය කාලවකවානුව තුළ අධිකරණයේ පහසුකම් අවශ්‍යතා පිළිබඳව ගැටලුවක් නොතිබුණද, ජනතාවට අධිකරණයේ විශ්වාසය පිළිබඳව ලොකු ගැටලුවක් තිබූ බවත් අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
අද (11 දා) රජයේ අධිනීතිඥවරයාගේ වවුනියාවේ නිල නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
&නීතියේ අධිපත්‍යය රඳවා ගන්න බැරිවුණු නිසා මුළු රට වැසියොම දශක තුනකට වැඩි කාලයක් දුක් වින්දා. දැන් උතුරු දකුණ බස්නාහිර ජනතාව කියල භේදයක් නැතුව නීතියේ ආධිපත්‍ය ඇතුළත රටේ ජීවත් වන්නට ඇති අයිතිය තහවුරු කරන්නට ආණ්ඩුවක් විදිහට අපි බැඳිල ඉන්නවා.
අධිකරණයේ අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි අපිට තිබුණෙ අධිකරණය පිළිබඳව තිබුණු විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයෙන් එන තීන්දුව ස්වාධීන තීන්දුවක් නොවෙයි නම්, අධිකරණයට කොතරම් පහසුකම් ලබා දුන්නත් ඒකෙන් ජනතාවට පලක් නැහැ. උසාවි තියෙන්නෙ විනිශ්චයකාරවරුන්, නීතිඥවරුන් සඳහා නොවෙයි. උසාවි තියෙන්නේ ජනතාව වෙනුවෙන්.* යැයි පැවසීය.
මෙම අවස්ථාවට නීතිපති වයි.ජේ.ඩබ්ලිව්.විජේතිලක, වවුනියාවේ දිසා විනිසුරු, මහාධිකරණ විනිසුරු ඇතුළු නීතිඥවරුන්, වවුනියාව දිසාපති බන්දු හරිස්චන්ද්‍ර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූහ.