උසස් පෙළ සඳහා සම්මන්ත්රණ මාලාවක්
- 5 06 2015
- 13:18
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා උපකාරක සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම සම්මන්ත්රණ මේ මස 22 සිට 26 දක්වා කාලය තුළ දිවයිනේ සියලු උසස් පෙළ පංති සහිත විදුහල් සම්බන්ධ කරමින් පවත්වන අතර, එම සම්මන්ත්රණ සඳහා අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්‍ර අන්තර්ගත සංයුක්ත තැටි පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබාදීමට ඊයේ (04දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
සම්මන්ත්රණ මාලාව පහත සඳහන් දිනවලදී පැවත්වේ
·2015 ජුනි 22 සිංහල/දෙමළ/රසායන විද්‍යාව
·2015 ජුනි 23 සංයුක්ත ගණිතය/ජීව විද්‍යාව
·2015 ජුනි 24 ගණකාධිකරණය/කෘෂිකර්මය
2015 ජුනි 25 ව්‍යාපාර අධ්‍යයනය/භෞතික විද්‍යාව
· 2015 ජුනි 26 ආර්ථික විද්‍යාව
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

