උසස් පෙළ විභාග ඇගයීම් පාසල් සැප් 27 තෙක් නිවාඩු - යළි විවෘත වීම 29දා
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ සස අදියරේ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් 07ක් 2014-09-14 දින සිට 2014-09-27 තෙක් සම්පූර්ණයෙන් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව නිවේදනය කරයි.
මීට අමතරව තවත් පාසල් 17ක උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු හේතුවෙන් 2014-09-14 දින සිට 2014-09-27 තෙක් කොටසක් පමණක් වසා තබනු ලැබේ.
ඇගයීම් කටයුතු වෙනුවෙන් වසා තැබෙන සියලූම පාසල් 2014-09-29 වැනි සඳුදා දින නැවත විවෘත කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හේතුවෙන්
සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල්
1. කො/ආනන්ද විද්‍යාලය - කොළඹ 10
2. කො/ඩී.එස්. සේනානායක විද්‍යාලය - කොළඹ 07
3. කු/ලක්දාස් විද්‍යාලය - කුරුණෑගල
4. ගා/උස්වතුන් හසනා විද්‍යාලය - ගාල්ල
5. ගා/සුධර්මා විද්‍යාලය - ගාල්ල
6. මා/රාහුල විද්‍යාලය - මාතර
7. බ/විශාකා උසස් බාලිකා විද්‍යාලය - බදුල්ල (ඌව පළාත් සභා මැතිවරණය නිසා මෙම පාසලේ උත්තර පත්‍ර ඇගයීම 24දා සිට ඔක්තෝබර් 07 දක්වා)
කොටසක් වසා තැබෙන පාසල්
1. කො/ලුම්බිණි විද්‍යාලය - කොළඹ 05
2. කළු/වේලාපුර මහා විද්‍යාලය - කලූතර
3. ගම්/රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ
4. මීග/හරිස්චන්ද්‍ර විද්‍යාලය - මීගමුව
5. කු/වයඹ රාජකීය විද්‍යාලය - කුරුණෑගල
6. කුලි/කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය - කුලියාපිටිය
7. කෑ/ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය - කෑගල්ල
8. ර/සීවලී මධ්‍ය විද්‍යාලය - හිඳැල්ලන, රත්නපුර
9. මහ/ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය - මහනුවර
10 මහ/උසස් බාලිකා විද්‍යාලය - මහනුවර
11 මහ/දෙනු/ශ්‍රී ඊරියගම පුෂ්පදාන ආදර්ශ විද්‍යාලය - පේරාදෙණිය
12 අනු/ශාන්ත ජෝසප් විද්‍යාලය - අනුරාධපුරය
13 මඩ/ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය - මඩකලපුව
14 යා/යාපනය මධ්‍ය මහා විද්‍යාලය - යාපනය
15 වවු/ශෛව ප්‍රකාශ් මහා විද්‍යාලය - වවුනියාව
16 කල්/කාමෙල් ෆාතිමා බාලිකා විද්‍යාලය - කල්මුනේ
17 බ/සීවලී මහා විද්‍යාලය - බණ්ඩාරවෙල (ඌව පළාත් සභා මැතිවරණය නිසා මෙම පාසලේ උත්තර පත්‍ර ඇගයීම 24දා සිට ඔක්තෝබර් 07 දක්වා)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
