උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් සිදුකරන පාසල් සැප් 14 සිට 27 තෙක් නිවාඩු
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ II අදියරේ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් 07ක් 2014-09-14 දින සිට 2014-09-27 තෙක් සම්පූර්ණයෙන් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව නිවේදනය කරයි.
මීට අමතරව තවත් පාසල් 17ක උසස් පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් 2014-09-14 දින සිට 2014-09-27 තෙක් කොටසක් පමණක් වසා තබනු ලැබෙන බවද එම නිවේදනයේ දැක්වෙයි.
ඇගයීම් කටයුතු වෙනුවෙන් වසා තැබෙන සියලූම පාසල් 2014-09-27 වැනි සඳුදා නැවත විවෘත කෙරෙන බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු හේතුවෙන්
සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල්
1. කො/ආනන්ද විද්‍යාලය
2. කො/ඞී එස් සේනානායක විද්‍යාලය
3. කු/ලක්දාස් විද්‍යාලය
4. ගා/උස්වතුන් හසනා විද්‍යාලය
5. ගා/සුධර්මා විද්‍යාලය
6. මාර/රාහුල විද්‍යාලය
7. බ/විශාකා උසස් බාලිකා විද්‍යාලය
කොටසක් වසා තැබෙන පාසල්
1. කො/ලූම්බිනි විද්‍යාලය
2. කලූ/වේලාපුර මහා විද්‍යාලය, කලූතර
3. ගම්/රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ
4. මීග/හරිස්චන්ද්‍ර විද්‍යාලය, මීගමුව
5. කු/වයඹ රාජකීය විද්‍යාලය,කුරුණෑගල
6. කුලි/කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
7. කෑ/ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය
8. ර/සීවලී මධ්‍ය විද්‍යාලය
9. මහ/ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය
10 මහ/උසස් බාලිකා විද්‍යාලය
11 මහ/දෙනු/ශ්‍රී ඊරියගම පුෂ්පදාන ආදර්ශ විද්‍යාලය
12 බ/සීවලී මහා විද්‍යාලය
13 අනු/ශාන්ත ජෝසප් විද්‍යාලය
14 මඩ/ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය
15 යා/යාපනය මධ්‍ය මහා විද්‍යාලය
16 වවු/ශෛව ප්‍රකාශ් මහා විද්‍යාලය
17 කල්/කාමෙල් ෆාතිමා බාලිකා විද්‍යාලය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

