උරහිසට පහළ කොටසේ අඩි 03ක පමණ දිග ලීයක් ඇනුණු පුද්ගලයකුගේ ජීවිතය බේරාගැනීමට හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ. අම්බල්නතොට ලුනම පදිංචි ඒ.පී.සංජීව මෙසේ අනතුරට පත්ව ඇත.ඔහු තම ගවයින් සිටින ස්ථානයට යතුරු පැදියෙන් යන අතරතුරදී මාර්ගයේ තිබූ ඉඹුල් ගසක අත්තක් කඩාවැටී ඔහුගේ දකුණු උරහිසට පහළින් කොටසේ වැදී එම අත්තේ කොණක් ශරීරය පසාරු කරගෙන ගොස් ඇත.
පසුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් අඩි 03ක් පමණ ශරීරයට කිඳා බැස තිබූ ලීය සමග අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. පසුව එහි විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහින්ද මල්ලවතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැය 04ක පමණ කාලයක් තුළ සිදුකරන ලද ශල්‍යකර්මකින් එම ලීය ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට හැකි විය.
රාහුල් සමන්ත හම්බන්තොට