උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් කොටස් ලබාදීම සඳහා පිරිස් තෝරා ගැනීම හෙට (26දා) සිට සිදුකිරීමට රජය සැලසුම් කර තිබේ.
නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම්වල මැනුම් කටයුතු හා ඉඩම් කට්ටි කිරීම මේ වනවිට අවසන් කර තිබෙන බවද මහවැලි රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ඉඩම්ලාභීන් තෝරාගැනීමට හෙට සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත සිදුකිරීමට සැලසුම් කර තිබේ.