උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට ක්ෂණික සහන ලබාදීම සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 3000ක මුදලක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රඳවා ගෙන සිටින බව උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සඳහන් කරයි.
මීට සති දෙකකට පෙර මෙම මුදල ලබාදී තිබෙන බවත්, එහෙත් එම මුදල් වියදම් කර ජනතාවට ක්ෂණික සහන ලබාදීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු නොකරන බවද එම පෙරමුණේ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
ජල උල්පත් සිඳීයෑම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටි බවත්, කඩිනමින් එම ගැටලුව විසඳිය යුතු බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව උමාඔය විනාශකාරී ව්‍යාපෘතියේ බලපෑම මේ වනවිට හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 07කට ඇතිවී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.