උමා ඔය වහන්න කියලා පාරේ අවිද්දොත් මම ජෝකර් කෙනෙක් වෙනවා
මම උමා ඔය වහපන් කියලා පාරක් ගානේ කෑ ගහන්න ගියොත් මම ජෝකර් කෙනෙක් වෙනවා.යැයි විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය. නවීකරණය කළ බදුල්ල සතිපොළ ජනතාවට බාරදීමේ උත්සවට සහභාගිවෙමින් අද (20දා) ඇමතිවරයා මේ බව පවසා සිටියේය.
මහා නගර සභා සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මම දන්නවා උමා ඔය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් උද්ගතවෙලා තියන අවස්ථාවක ගොඩක් මිනිස්සු හිතනවා අපි කර ඇරලා ඉන්නවා කියලා. අපි නොකරපු පවක් අපේ කර උඩට ඇවිල්ලා තියෙනවා . මේක කෙරුවේ වෙන කට්ටියක්. පව් ගෙවන්නේ තව කට්ටියක්. බැණුම් අහන්නේ තව කට්ටියක්. ඒක තමයි දේශපාලනයේ හැටි.
මම මේකට මුල්ගලක් වත් තිබ්බේ නැහැ. මම උමගක් කපන්න කිවුවේත් නැහැ. මම ඕක ගැන දන්නේත් නැහැ.ඒත් මින්ස්සු බනින්නේ මටයි. ලෝකයේ හැටි ඔහොම තමයි. කරන්න දෙයක් නැහැ. දැන් අපි කරන්න ඕන දේ ආණ්ඩුව තුළ කරනවා. පෙළපාළි ගිහින් බනින්න බැහැ. මට උමා ඔයට ගිහිල්ලා මිනිස්සු එක්ක එකතු වෙලා උද්ඝෝෂණය කරන්න බැහැ. මොකද මම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක්.
මම උමා ඔය වහපන් කියලා පාර ගානේ කෑ ගහන්න ගියොත් වෙන්නේ මම ජෝකර් කෙනෙක් බවට පත් වෙන එක පමණයි.
ඒ නිසා මම කරන්න ඕන සටන කරනවා, ජනාධිපතිතුමා කැබිනට් එකෙදි මම කිව්වා ඕක නවත්වන්න කියලා. නමුත් මට කරන්න දෙයක් නැහැ. මම ඉංජිනේරුවෙක් නෙමෙයි. මම දන්නේ නවත්වන්න කියන එක විතරයි.
මට පාරේ සටන් කරලා ඡන්ද ගන්න ඕන නම් ගිහින් වෙන සටනක් කරන්න පුලුවන්. මේ වෙලාවේ ඡන්ද ගන්න එක නෙමෙයි කරන්න ඕන මිනිස්සුන්ට සහන හොයලා දෙන එකත මම ඒකයි කළ යුත්තේ වෙන දෙයක් නෙමෙයි. එය සිදුවී ඇති බවට මම හිතනවා.
අද ඒ කමිටුවෙන් විශාල සහන රාශියක් හම්බවෙලා තියනවා. හැබැයි ඒවා කවුරුත් දන්නේ නැහැ .මගේ හදවත දන්නවා ඒක හොදටම ඇතැයි” කියලා යැයිද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

