උමා ඔය නිසා තවත් ගැටලුවක්
උමා ඔය නිසා පන්සල් 17ක් අනතුරේ
උමා ඔය හේතුවෙන් මේ වන විට පන්සල් 17ක් පමණ විනාශ වී යමින් තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. ඒ අනුව බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානය (මහ පන්සල) බුදු පිළිමය ද සමග පුපුරා යමින් ඇති බවත් පිළිමගෙය සිතුවම්, පමණක් නොව භූමිය ද පුපුරා යමින් තිබෙන බවත් ඔහු පවසයි.
එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම පුරා විද්‍යා මධ්‍යස්ථායක් වන දෝව පන්සල ඉහළ මාර්ගය ස්ථාන දෙකකින් පුපුරා ඇති බවත් ඔහු පවසයි
මීට අමතරව,
1. වටගමුව විමලගිරි විහාරය
2.එගොඩගම සුමනාශ්‍රමය
3. කුරුදුගොල්ල විදර්ශනාරාමය
4. මකුල්ඇල්ල පුරාණ විහාරය
5. හීල්ඔය පුරාණ විහාරය
6. කිරිඔරුව ආනන්දාරාමය
7. බණ්ඩාරවෙල පිරිවෙන
8. බදුණුවැව පන්සල
9. පල්ලතොට ඇල්ල පන්සල
10. අම්පිටිය භික්ෂු ආරාමය
11. දික්කාපිටිය මැද පන්සල
12. දික්කාපිටිය පිරිවෙන
13. කුරුකුදේ පන්සල
14. දිගනතැන්න පන්සල
15. බණ්ඩාරවෙල සුදර්ශනාරාමය
යන විහාරස්ථාන විනාශ වී යමින් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි. මේ පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ලිපියක් යොමුකරමින් විධායක අධ්යක්ෂවරයා පවසන්නේ හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

