උමා ඔය සම්බන්ධයෙන් ව්‍යාජ පරිසර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම වාර්තාව සකස් කළ විශේෂඥයන් කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලා සිටියි.
එසේම සමාජ වගකීම් හා වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ‘පරිසර අගයීම් වාර්තා සකස් කිරීම‘ සම්බන්ධයෙන් අසාදු ලේඛන ගත කරන ලෙස ඔවුහු මධ්‍යම පරිසර අධිකාරියට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටිති.
2010 වසරේ නොවැම්බර් මස වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වර්ණා පියසිරි මහත්මිය ප්රමුඛ කණ්ඩායමක් විසින් සකස් කරන ලද පාරිසරික ඇගයීම් වාර්තාව මුළුමනින්ම ව්‍යාජ ලියවිල්ලක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබෙන බවත් ඔවුහු පවසති.