උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයේ කැණීම නිසා නිවාස වලට හානි වූ බව කියන බණ්ඩාරවෙල උඩපේරුව හා මැදපේරුව ගම්වැසියන් පිරිසක් (19) දින බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට කඩාවැදී පැවැත් වූ විරෝධය අවසන් වූ බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පවුල් 4කට විකල්ප නිවාස සඳහා කුලිය ලෙස රුපියල් 15000ක් බැගින් මාස 6ක් ලබාදීමටත්, තවත් නිවාස 4ක් සඳහා රජයේ නිල නිවාස ලබාදීමටත් පියවර ගත් බවද සඳහන් කළේය.