උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කිරීමට පත්කරන ලද අමාත්‍ය අනුකමිටුව විසින් සකස් කරන ලද වාර්තාව ඊයේ (18දා) අමාත්‍ය මණ්ඩලයට භාරදුන් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මේ වන විට උද්ගතව ඇති පානීය ජලය බෙදාහැරීම, හානියට පත් නිවාස,පාසල්,විහාරස්ථාන ඇතුළු ස්ථාන පිළිබද තොරතුරු, නැවත පදිංචි කිරීම්, වන්දි ලබා දීම, ජනතාව නැවත පදිංචි කිරීම සඳහා ක්‍රේග් වත්ත ඉඩමෙන් අක්කර පනහක භූමි ප්‍රමාණයක් රජයට පවරා ගැනිම ආදී කරුණුවලට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතළත්ව තිබේ.
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර, බස්නාහිර හා මහා නගර අමාත්‍ය පාඨලී චම්පික රණවක, වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා යන අමාත්‍යවරු මෙම අමාත්‍ය අනු කමිටුවට ඇතුළත් වෙති.