උතුරු නැගෙනහිර රෝහල්වල පවතින හෙද හිඟය මගහැරවීම සඳහා උසස් පෙළ විභාගයෙන් ඕනෑම විෂය ධාරාවකින් සමතුන් හෙද සේවයට එම පළාත් දෙකෙන් පමණක් බඳවා ගැනීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.
ඒ අනුව 2015/2016/2017 වසරවල උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සුදුසුකම් ලත් අයට හෙද සේවාව සඳහා ඉදිරියේදී අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර මෙම තීරණය කොළඹ දිස්ත්‍රික්කයටද බලපාන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම තීරණයට අමාත්‍ය මණ්ඩලයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියද හිමිව තිබෙන අතර උතුරු නැගෙනහිර පළාත්වලින් හෙද සේවාවට බඳවා ගැනීමේදී ලැබෙන ඉල්ලුම්පත් සංඛ්‍යාව අවම වීම සහ එම පළාත්වලට පත්වීම් ලබන හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු දෙස අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
. දැනට දිවයින පුරා හෙද හෙදියන් 31000කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර, දැනට රෝහල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව 7000කට අධික බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.