බස්නාහිර පළාතේ උපාධිධාරීන් පිරිසක් ශ්‍රාවස්ති මන්දිරයට (ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට) පැමිණීම නිසා අද (23දා) පෙරවරුවේ එම ස්ථානය උණුසුම්කාරී ස්වාභාවයක් දිස්විය.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රථම මහජන දිනය වූ හෙයින් අද දින විශාල පිරිසක් එම ස්ථානයට පැමිණි සිටි අතර, එම උපාධිධාරීන් පිරිස ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ තමන්ට ගුරු පත්වීම් ලබාදෙන ලෙසයි.
හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ කාලයේදී තමන් ලියාපදිංචි කළ බවද එම පිරිස පවසා සිටියහ. කෙසේ වෙතත් සාකච්ඡාවක් සඳහා දසදෙනෙකුට අවස්ථාව ලබාදීමට ප්‍රධාන අමාත්‍යවරයා එකඟ විය.