ආනයනික සහල්වලට පමණක් උපරිම සිල්ලර මිලක් නියමකල පමණි. ජනතාවට අඩු මිලට සහල් නොලැබෙන නිසා සියලුම සහල්වලට පාලන මිලක් ඇති කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
දේශීය සහල් බව පවසමින් මෙ වනවිට නාඩු සහල් කිලෝවක් රුපියල් 90කින් ඉහළ මිලකටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 100කට ඉහළ මිලකට අලෙවි කරන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මේ නිසා කූට වෙළෙඳුන් ආනයනික සහල් දේශීය සහල් ලෙස පෙන්වා ජනතාව මුලා කිරීමට කටයුතු කළ හැකි බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පොදු පාලන මිලක් ඇති කරන ලෙසට ඉල්ලා සිටි බවද පවසා සිටියේය.
මීට අමතරව නාඩු සහල් කිලෝවක මිල රුපියල් 66ක් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබෙන නිසා එම මිලට සහල් ලබාදෙන ලෙසද පවසා සිටියේය.