හපුතලේ පිට තේමල් වත්තේ උදේ තේ පානය කළ සේවකයන් 80 කට අධික පිරිසක් හදිසියේ රෝගාතුර වීමෙන් දියතලාව සහ හපුතලේ රෝහල්වල ප්රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තේ පානයෙන් පසු වමනය, ක්ලාන්ත සහ කැරකැවිල්ල සැදීම නිසා සේවකයන් රෝහල් වෙත යොමු කරවීමට පියවර ගත් බව වතු ආරංචි මාර්ග සඳහන් කරයි.
වත්තට යෙදූ කෘමිනාශක ජලයට මුසුවීම නිසා රෝගී වන්නට ඇතැයි සැක පහළ කරයි.
එස්.පී. නානායක්කාර/ බණ්ඩාරවෙල රවිඳු දසුන්