ජපන් රජය විසින් ලොව විශිෂ්ටතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” (Rising Sun) ගෞරව සම්මානය කථානායක කරු ජයසුරිය මහතා වෙත පිරිනැමිණි.
ඊයේ (31දා) දින ශ්රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි සුගනුමා (Mr.Kenitchi Suganuma) මහතා විසින් කථානායකවරයා වෙත මෙම සම්මානය පිරිනැමුවේය.
උදාවන සූර්යයා සම්මානය ජපන් අධිරාජයා විසින් පුද්ගලයෙකුට පිරිනමන උසස්ම සම්මානය වන අතර, එය ශ්රී ලාංකිකයෙකුට පිරිනැමුණු පළමු අවස්ථාවද මෙය වේ.