රුසියාවේ හිටපු තානාපති උදයන්ත වීරතුංග මහතා විසින් මෙරටට එවා ඇති සිය පෞද්ගලික භාණ්ඩ ඇතුළත් කන්ටේනරය මෙම සතිය ඇතුළත විවෘත කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිණී කොලොන්නේ මෙනවිය පැවසුවාය.
අද (22දා) විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය (FCID) ලබාගත් වරෙන්තුවක් මත මෙම කන්ටේනරය එම ඒකකයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරන බවයි.