ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා සාකච්ඡා කිරීමට හත් දෙනෙකුගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් අද(07දා) සවස අබුඩාබි බලා පිටත්වීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයට අදාළව උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට අවශ්‍ය වී ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
අද දින පිටත්වන නිලධාරී කණ්ඩායමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරායෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු,විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අයත්වන බවද ඔහු කීය.
දැනට අබුඩාබිවල රඳවා සිටින උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වාගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සාර්ථක වනු ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.