උතුරේ ඇති සිවිල් ආරක්ෂක හමුදා ගොවිපොළවල සේවය කරන අයට සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුව තිබුණේ එම කඳවුරු භාර නිලධාරීන් ඉදිරියේ බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
එම සේවකයන්ගේ අනුමැතියකින් තොරව තැපැල් ඡන්දය සඳහා අයදුම්පත්‍ර යොමුකර තිබුණු බවත්, තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඡන්ද පත්‍රිකාව බහාලුමට දමා මුද්‍රා තබන ආකාරය ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දී නැති බවත් එම සංවිධානය සඳහන් කළේය.
අද (06දා) කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.