වත්මන් උතුරු පළාත් සභා විපක්ෂ නායක සින්නතුරෙයි තවරාජා ඉවත් කොට කිලිනොච්චිය පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නාදන් තවනාදන් මන්ත්‍රීවරයා පත් කරන ලෙසට ඉල්ලා ඊ. පී. ඩී. පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඉල්ලීමක් කොට ඇතියි විපක්ෂ නායක සින්නතුරෙයි තවරාජා මහතා කියා සිටියි.
සින්නතුරෙයි තවරාජා මහතා ඊ.පි.ඩි.පි.පක්ෂයෙන් උතුරු පළාත්සභාවට තරගකොට පළාත් සභාවට තේරිපත්විණ.
පලාත්සභා විපක්ෂ නායක වරයාගෙන් මේ බව විමසීමේදී ඔහු පැවැසුවේ ඉල්ලීම කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් ඊ.පි.ඩි.පි. පක්ෂ නායකත්වය සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කොට ඇති බවයි.