www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
උතුරු පළාතේ ඊයේ (02) සිට ආරම්භ කරන ලද ලංගම බස් ධාවන වර්ජනයට අද දිනයේදීත් විසඳුම්නොලැබීමනිසාලංගම සේවකයන් 17 දෙනෙකු විසින් අද (03 දින) වවුනියාව ලංගම ඩිපෝව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භකොට ඇත.
පසුගිය දිනෙක මුලතිව් සිට වවුනියාවට ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ දෙකක් අතර ඇති වූ ගැටුමේදී පොලීසිය විසින් සිදුකරන ලද පරීක්ෂණ සාධාරණ නොවීම, මීට පෙර පැවැති පැරණි බස් නැවතුම් පොළට පෞද්ගලික බස් රථ ගාල් කිරීමඇතුළු කාරණා කිහිපයක් මුල් කරගෙන ඔවුහු උපවාසයේ නිරත වෙති.
මේ සඳහා උතුරේ සෙසු ඩිපෝ සෙවකයන්ද අද දිනයේදී සියලුම ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වී මාරාන්තිකඋපවාසයටසහායපළකොටසිටිති. මේ අතර මාරාන්තික උපවාසයේ යෙදී සිටින ඩිපෝ සේවකයන් විසින් උතුරු පළාත් මහාමාර්ග අමාත්‍යවරයාගේ රුව පඹයෙකුටද අන්දවා තිබිණි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd